Lorem ipsum dolor sit amet, consectetur
adipiscing elit. Etiam posuere varius
magna, ut accumsan quam pretium
vel. Duis ornare

Latest News
Follow Us

Follow us

+94 11 2 587 912

Mon - Sat 8.00 a.m - 4.00 p.m

GO UP
Image Alt

August 2017

වෙහෙරගලින් හමු වූ ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (ඔක්තෝම්බර් 07) අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශන සහ අනුරූ සඳහා වට්ටම් පිරිනමයි. ඔබට WhatsApp ඇමතුමක් ලබා දී ඔබට අවශ්‍ය පොත්, අනුරූ, කලා සහ පෝස්ටර් මිලදී ගැනීමට ඇණවුම් කළ හැකිය. භාණ්ඩ සඳහා ඇනවුම් කළ දින සිට වැඩ කරන දින 4ක් ඇතුළත දීපව්‍යාප්ත බෙදා හැරීම සිදු කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව අද (ඔක්තෝම්බර් 07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මා වෙත භාර දුන්නේය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත් කෙරිණි.

2021-10-01 දින සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියළුම ව්‍යාපෘතීන්, කෞතුකාගාර හා මධ්‍යස්ථාන සියළුම දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘතව ඇත.

ඓතිහාසික, පාරිසරික හා දේශගුණික ආදී වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මේ දක්වා ම සංචාරක ආකර්ෂණය ලත් භූමියකි. විවිධ සංචාරක සේවා සපයමින් රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක් ලෙස ද පවත්වාගෙන ගිය සංචාරක කර්මාන්තය කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අකර්මන්‍ය ව පැවතිණ.

සෙත්සිරිපාය දෙවන අදියරේ හතරවන මහලේ පවත්වාගෙන යනු ලැබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය නැවතත් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 212/1 දරන පැරණි මුලස්ථානය වෙත ගෙන යන ලදී. පාලන අංශයත්, මාධ්‍ය අංශයත් ජාත්‍යන්තර සබඳතා හා සංචාරක අංශයත් එම ස්ථානයට යාබදව පිහිටි, බුලර්ස් පටුමගෙහි, අංක 37/33 දරන ස්ථානයේ ස්ථාපිත කරනු ලැබීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 09 වන සිකුරාදා දඹුල්ල අචාර්ය රෝලන්ඩ් සිල්වා අනුස්මරණ බිතුසිතුවම් සංරක්ෂණ ශාලාවේදී දැනට ව්‍යාපෘතිවල පවතින ගැටළු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන කිහිපයක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වේ. වසංගතය පහව ගොස් රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි වන පරිදි එවැනි ස්ථාන සංරක්ෂණය කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.