ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා අනුරුව ගරු අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වීම
වෙහෙරගලින් හමු වූ ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (ඔක්තෝම්බර් 07) අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීය.
වෙහෙරගලින් හමු වූ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ක්‍රි:ව: 7 – 8 සියවස්වලට අයත් වන අතර එහි අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන විශිෂ්ට කලාත්මක ලක්ෂණ හේතුවෙන් එය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති බව මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෙම අනුරුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන බටලීය ජාතික අනුරූ පාසලේ ශිල්පීන්ගේ දෑතින් නිර්මාණය වූවකි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ බිතුසිතුවම්, වාස්තු විද්‍යා, මූර්ති නිර්මාණ ඇතුළත් ග්‍රන්ථ මාලාවට ශිව මූර්ති ග්‍රන්ථය ද ඇතුළත් අතර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුහාණු මහතා විසින් එය ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහත්වරු ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.