කුරුණෑගල
per person
යාපහුව රාජධානියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානිය බවට පත් වූයේ හස්ති ශෛලපුරය හෙවත් ඇතුගල්පුරය යි. II වන භුවනෙකබාහු රජු (ක්‍රි.ව 1293 -1302) විසින් පිහිටුවා ගන්නා ලද ඇතුගල්පුර රාජධානිය වඩාත් සමෘද්ධිමත් තත්ත්වයකට පත්ව ඇත්තේ IV වන පරාක්‍රමබාහු (ක්‍රි.ව 1302 – 1326) රජ සමයේදී ය. මෙම කාලපරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කෘතීන්හි පිළිබඳ ප්‍රශංසාත්මක යෙදුම් නොමඳව දැකිය හැකිය. සීඝ්‍ර ලෙස නාගරිකරණයට ලක්ව ඇති ප්‍රදේශයන් බැවින් දැනට ඇතුගල්පුර පැරණි නගරය වටා ඉදි වූ පැරණි ප්‍රාකාරයන්හි අවශේෂ පමණක් තැනින් තැන ශේෂව ඇති අතර රජ මාළිගයේ හා දළදා මාළිගයේ නටබුන් ඉතා අල්ප මට්ටමින් ශේෂව පවතී.