සන්නියකුම ශාන්තිකර්මය
per person
සිංහල බෞද්ධයන් අතර ප්‍රචලිත ශාන්තිකර්ම පද්ධතිය යකුන්, දෙවියන් හා ග්‍රහයන් උදෙසා පැවැත්වෙන වත් පිළිවෙත් සමූහයක් ලෙස පිළිගැනේ. ඒ අතර පහතරට පළාත්හි බහුල වශයෙන් ව්‍යාප්ත යක් තොවිල් සතරින් සන්නියකුම නම් වූ තොවිලයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. දහ අට සන්නිය, සන්නි සමයම, දහ අට පෙළපාලිය ආදී නම්වලින් මෙම ශාන්තිකර්මය හඳුන්වනු ලැබේ. ශාන්තිකර්මයට මූලික වන යක්ෂයාගේ නාමයට පරව/ පසුව යකුම, සමයම වැනි පද එක්ව තිබීමෙන් මෙම ශාන්තිකර්මය ද සන්නියකුම නමින් ප්‍රචලිතව ඇති අතර ඊට සන්නියකුම දහ අට දෙනෙකු බද්ධ වී තිබීමෙන් එය දහ අට සන්නිය නමින් ද හැඳින්වේ. ඇතැමෙක් සුඛෝච්චාරණය මත දහ අට පාලිය නමින් ද එය හඳුන්වති. රාජමුළු කෝල සන්නියක්ෂයා ඇතුලු පිරිවර යකුන් දහ අට දෙනෙකුගෙන් සිඳුවන රෝග උපද්‍රව දුරු කරවා ගැනීම් වස් පවත්වනු ලබන මෙම මහ යක් තොවිලය බස්නාහිර හා දකුණු පළාත් නිජබිම කොටගත් පහතරට ශාන්තිකර්ම ශිල්පීන් අතර බෙහෙවින් සමාජගතව තිබ්. විශේෂයෙන්ම මාතර, බෙන්තර, රයිගම වැනි පුරවර නාම මුල්කොට බිහිව පවත්නා ගුරුකුලවලට අයත් යකැදුරෝ නිරතුරුවම එම යක් තොවිලය පැවැත්වීමෙහි නිරත වූහ.
සන්නියකුගේ උපත් කථා
මෙරට ප්‍රචලිත වෙනත් ශාන්තිකර්ම පුරාකතා මෙන්ම සන්නි යක්ෂයා පිළිඳව උපත් කථා සාහිත්‍යයක් ද පවතී. එහි ප්‍රධාන කතා පුවත වන්නේ සංඛපාල නම් වූ රජෙකු පිළිබඳ ගෙතුණු වෘත්තාන්තය යි.
ලිච්ඡවි රාජවංශයට අයත් සංඛපාල රජුගේ අග මෙහෙසිය අසූපාල කුමරිය නම් වූවාය. දෙදෙනාගේ සරණ මංගල්‍යයෙන් පසු නොබෝ දිනකින් රජුට කුරු රට යුද්ධයකට යාමට සිඳු වූ අතර ඒ වන විට බිසව ගැබ්ගෙන සිටියත් රජුට ඒ බව දැන ගැනීමට තරම් කාලයක් නොවීය. බිසවට මී අඹ කෑමේ දොළදුකක් උපන් අතර ඇය ඒ බව මහ ඇමතිට දැනුම් දුන්නාය. එකල මී අඹ අවාරය විය. මුළු නුවර පුරා මී අඹ සෙවූ අතර අහම්බෙන් අකලට හට ගත් මී අඹයක් මහ ඇමති අතට පත්ව එය බිසවට ගෙනවිත් දුන්නේය. එකල්හි රජ මැදුරේ සේවිකාවක් ද ගැබ්ගෙන සිටියාය. ඇයට ද මී අඹ කෑමේ දොළක් ඇතිව සිටි බැවින් බිසව මී අඹය සතුටින් අනුභවය කිරීමේ දී ඇය ද කෑල්ලක් ඉල්ලා සිටි නමුත් බිසව තනිවම කෑවාය. ද්වේශයට පත් සේවිකාව බිසව කෙරෙහි වෛරයෙන් ඇගෙන් පලි ගැනීමට ඉටා ගත්තීය.
ඒ අතර කුරු රට යුද්ධයෙන් ජයගෙන රජ මාලිගය කරා පැමිණෙන සංඛපාල රජු පෙරමගට ගිය සේවිකාව ඔබ වහන්සේ නැති අතරතුර බිසව හා මහ ඇමති අනාචාරයේ යෙදී දරු ගැබක් හටගෙන ඇති බව පැවසුවා ය. කෝපයට පත් රජු මාලිගයට පැමිණි පසු බිසව දැකීමෙන් එය සත්‍යයෙකැයි සිතූ රජු වධකයන් ගෙන්වා බිසව දෙපලු කොට මරා දැමීමට නියෝග කරන ලදී. තමාගේ නිර්දෝෂී බව කියා පෑමට බිවස කොතෙකුත් උත්සාහ කළ ද වධකයෝ රාජ නියමය පරිදි බිසව අමු සොහොනට රැගෙන ගොස් පුබ්බේරිය/ කැබැල්ල ගසක එල්ලා දෙපලු කොට මරණයට පත් කළහ. කුමරු පින් මහිමයෙන් බිසවගේ පලු දෙක එකට බද්ධ වී කුමරුන් වැඩෙන්නට විය.
වැඩිවියට පත් කුමරු නිවැරැද්දේ තම මව් මැරෑ පිය රජුගෙන් පළි ගැනීමට සිතා වනයේ තිබූ විෂ ගෙඩි හා කොළවලින් පිරිවර සන්නි දහ අට දෙනෙකු මවාගෙන විසල් පුරයට වැද නුවර වැනසීමට පටන් ගත්තෝය.
ඒ අනුව කුමරු ප්‍රධාන සන්නි යක්ෂයා හෙවත් මරු සන්නිය බවටත් සෙසු පිරිවර දහ අට දෙනා පිරිවර සන්නි යක්ෂයන් බවටත් පත් විය. එමඟින් යක්ෂ භය, රෝග හා දුර්භීක්ෂ භය ඇති විය. එම විසාලා මහනුවරට වන් එකී තුන්බිය පුවත උදෙසා බුදුන් වහන්සේගේ අනුදැනුමෙන් රතන සූත්‍රය දේශනා කොට තුන්බිය දුරු කරවන ලදී. එපුවත සන්නි යක්ෂයාගේ පුරා කතාවට එක්ව ඇත.
ඒ අතර සන්නි යක්ෂයන්ගේ ආරම්භය සම්බන්ධ වෙනත් පුවතක් ද යකැදුරන් අතර ව්‍යාප්තව ඇත. එය දං උදියාගේ කතා පුවත නමින් හැඳින් වේ.දිවකුරු බුදුන් කල එක්තරා කපටි මිනිසෙක් බුදුන් උදෙසා යැයි පවසමින් දානමානාදිය එක් රැස්කොට ඒවා ඔහුගේ පරිභෝජනය සඳහා යොදා ගන්නට විය. මිනිසුන් මුලා කළ එම පවිටු ක්‍රියාවෙන් ඔහු මැරී ප්‍රේතව මහ කලු ගලක්ව ඉපිද දොළොස් අවුරුද්දක් ගත විය. අනතුරුව මහා කරුණා සමාපත්තියෙන් බැලූ දිවකුරු මුනිඳුන් මහා කලු ගලක්ව සිටි දං උදියා වෙත පැමිණ කථා කරන්නට වූ සේක එහිදී දන් උදියා කට හැර පිටවූ දුර්ගන්ධයත් සමඟ දහ අට සන්නිය විශාලා මහනුවර දී මැවුනු බව පිළිගැනේ.
බුදුන් වහන්සේ සියලු යක්ෂයන් යක්ගිරි දිවයිනට පන්නා දැමූහ. ඉන්පසු යකුන්ගේ ඉල්ලීම මත දොළ පිදිවිලි ලබා නරලොව වාසීන්ට සෙත් කිරිමට අවශ්‍ය වරම් බුදුන් වහන්සේ විසින් ලබා දුන් බව කියැ වේ.
දහ අට සන්නි :-
|
|
|