Lorem ipsum dolor sit amet, consectetur
adipiscing elit. Etiam posuere varius
magna, ut accumsan quam pretium
vel. Duis ornare

Latest News
Follow Us

Follow us

+94 11 2 186 296

Mon - Sat 8.00 a.m - 4.00 p.m

GO UP
Image Alt

Author: admin

ඓතිහාසික, පාරිසරික හා දේශගුණික ආදී වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මේ දක්වා ම සංචාරක ආකර්ෂණය ලත් භූමියකි. විවිධ සංචාරක සේවා සපයමින් රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක් ලෙස ද පවත්වාගෙන ගිය සංචාරක කර්මාන්තය කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අකර්මන්‍ය ව පැවතිණ.

සෙත්සිරිපාය දෙවන අදියරේ හතරවන මහලේ පවත්වාගෙන යනු ලැබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය නැවතත් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 212/1 දරන පැරණි මුලස්ථානය වෙත ගෙන යන ලදී. පාලන අංශයත්, මාධ්‍ය අංශයත් ජාත්‍යන්තර සබඳතා හා සංචාරක අංශයත් එම ස්ථානයට යාබදව පිහිටි, බුලර්ස් පටුමගෙහි, අංක 37/33 දරන ස්ථානයේ ස්ථාපිත කරනු ලැබීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 09 වන සිකුරාදා දඹුල්ල අචාර්ය රෝලන්ඩ් සිල්වා අනුස්මරණ බිතුසිතුවම් සංරක්ෂණ ශාලාවේදී දැනට ව්‍යාපෘතිවල පවතින ගැටළු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන කිහිපයක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වේ. වසංගතය පහව ගොස් රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි වන පරිදි එවැනි ස්ථාන සංරක්ෂණය කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.