ජාතික අනුරූ පාසල පිහිටා ඇත්තේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාලට සමීප කජු වෙළඳාම සඳහා ප්‍රසිද්ධ බටලීය ග්‍රාමයේ මනස්කාන්ත පරිසරයක ය.
ජාතික අනුරූ පාසල පරිපාලනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි. එම මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ සිතුවම්, ප්‍රතිමා කැටයම් ආදී අපේ විවිධාංගී වූ සභ්‍යත්වය නිරූපණය කරන පෞරාණික කලා නිර්මාණයන්හි අනුරූ නිෂ්පාදනය කිරීම ය. රජය විසින් පරිපාලනය වන එකම අනුරූ මධ්‍යස්ථානය වන මෙය මඟින් හැම භාණ්ඩයකම නිවැරදි මිනුම් සහ හැඩයන්ගෙන් යුක්තව, උසස් ප්‍රමිතියත් සහතික කෙරේ.
අරමුණු
- චිත්‍ර කර්මය, ප්‍රතිමා ශිල්පය සහ කැටයම් කලාව පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීම. මෙහිදී භාණ්ඩවල අනුරූ නිෂ්පාදනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.
- අප රට ජාත්‍යන්තර ලෝකයේ ඇගැයීමට ලක් වූ ඓතිහාසික සම්ප්රදායයන් හා සාරධර්ම ඉස්මතු වන අයුරින් මෙම අනුරූ විදේශීය සංචාරකයන් අතට පත් කිරීම.
- අප රටට එන සංචාරකයන්ට නිවැරදි යථාභූතභාවය දරන උසස් ප්‍රමිතියෙන් යුත් අනුරූ සාධාරණ මිළකට සපයාදීම.
- අපේ පුරාණ භාණ්ඩ නීති විරෝධීව රටින් පිටමං කිරීම වළක්වනු සඳහා පුරාණ භාණ්ඩ එකතු කරන්නන්ගේ ප්‍රයෝජනය පිණිස අපේ පුරාණ භාණ්ඩවල හොඳ අනුරූ අපේ විකුණුම්හල් මගින් ලබාදීම
- ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම පිිණිස සංස්කෘතික කටයුතු ක්ෂේත්රයෙහි රැකියා සුලබ කිරීම.
- කලා නිර්මාණ කුසලතා ඇති තරුණ පිරිස් සවිබල ගැන්වීම.